මහජනතාවට වඩාත් සුරක්ෂිත සහ සෞඛ්යාරක්ෂිත පරිසරයක් උදාකරලීම වෙනුවෙන්, කතරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය (MOH) මගින් ක්‍රියාත්මක කරනු ලබන නියමු ව්‍යාපෘතියේ නිල වෙබ් පිටුව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු.
මෙම වෙබ් අඩවිය ඔස්සේ ඔබට පහත සේවාවන් සහ තොරතුරු පහසුවෙන් ලබාගත හැක:
A ශ්‍රේණියේ ආහාර පරිහරණ ආයතන: මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විසින් සහතික කරන ලද A ශ්‍රේණියේ ආහාර පරිහරණ ආයතන පිළිබඳ විස්තර.
පැමිණිලි යොමු කිරීම: මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI) මහතා වෙත ඔබගේ සෞඛ්‍යමය පැමිණිලි සෘජුවම යොමු කිරීමට අවශ්‍ය මගපෙන්වීම්.
දන්සැල් ලියාපදිංචිය: දන්සැල් පැවැත්වීම සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිල අනුමැතිය ලබාගැනීම.
A ශ්‍රේණියේ වෙළඳසැල්
සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආහාර පරිහරණ ආයතන ශ්‍රේණිගත කිරීමේ පෝරමයට (H800) අනුකූලව, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ පරීක්ෂාවෙන් අනතුරුව, A ශ්‍රේණිය ලෙස නම් කර ඇති වෙළෙඳ ආයතන මෙහි දක්වා ඇත.
තවද, මෙම ශ්‍රේණිගත කිරීම වලංගු වන්නේ මාස තුනක කාලයක් සඳහා පමණක් වන අතර නැවත පරීක්ෂාවකින් පසු දීර්ඝ කිරීම හෝ ඉවත් කිරීම සිදුවේ. මෙම ආයතනවල තත්වය පිළිබඳ ඔබට යම් පැමිණිල්ලක් තිබේ නම්, අප වෙත යොමු කිරීමට කාරුණික වන්න.